Description
Buddha Prathimawe Prabhawaya, බෞද්ධ ලෝකය තුළ මුල් වරට බුදු පිළිමය නෙළීමට හෝ ඇඹීමට පටන් ගැනීමෙන් පසුව කාලයක් ගත වීමෙන් අනතුරුව විවිධ අවධීන්හිදී වෙනස්කම්වලට භාජනය වී, අද වන විට එය ඉතා හොඳින් විකාශයට පත් වී තිබෙන බව දක්නට ලැබේ. එහෙත් එවැනි කරුණු කෙරෙහි අවධානය යොමු නොකොට බුද්ධ ප්රතිමාවෙහි ප්රභවය පිළිබඳව පමණක් කරුණු සාකච්ඡා කිරිමේ අරමුණින් මෙම කෘතිය රචනා කොට තිබෙ. එබැවින් මෙම ග්රන්ථයෙහි බුදුන් වහන්සේගේ ඓතිහාසිකත්වය, උන්වහන්සේ තුළ පැවති අතිපූජාර්හ බව, එහි ප්රතිඵලයක් ලෙසට මුල් අවධියෙහිදී බුදුපිළිම ඉදිකිරීම වෙනුවට සංකේත භාවිත කොට ඇති ආකාරය, බෞද්ධ පොතපතේ හා ශ්රී ලාංකේය වංසකථාවල බුද්ධ ප්රතිමා ඉදිකළ අවස්ථා ගැන කියැවෙන විස්තර, ඉන්දියාවේ කුෂාණ යුගයෙහිදී නිකුත් කළ කාසිවල මුල් වරට බුද්ධ රෑපය ගෙනහැර දක්වා ඇති ආකාරය සහ ගන්ධාර හා මථුරා සම්ප්රදායන් දෙකෙහි බුද්ධ ප්රතිමා බිහි වී තිබෙන අන්දම යනාදි කරුණු පමණක් මෙහි මූලික තේමා වශයෙන් ගෙන සාකච්ඡා කොට තිබේ.
Reviews
There are no reviews yet.