Availability: Out of Stock

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

SKU: BKS-P1-A1319

Original price was: රු1300.Current price is: රු1040.

එච්. ජයරත්න

Out of stock

Description

දිළිඳු බේබදු සපතේරුවෙකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නො බසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩ නැගුවේ ය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූවේ ය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතෙකු බවට පත් කළේ ය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේ ය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින් ම අලුත්වැඩියා කර ගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහ බලවතෙකු මව්බිමට දායාද කොට යන්නට ගියේ ය. ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩ නැගීමේ විසිතුරු කතාවයි. සෝවියට් දේශයේ ඉතිහාසයයි. 20වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි. නොඇසු දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇති.