-
-
නිර්මාණාත්මක ලේඛනය හා නවකතාවේ වාස්තුවේදය
0රු450නිර්මාණශිලි ලේඛනය පිළිබඳ සිද්ධාන්තයන් හා න්යායවේදයන් ද එකලස් කරමින් මෙම කෘතිය නිර්මාණය කර ඇත.
-
-
-
භාෂානුරාගයේ දේශපාලනය
0රු500ජනතාවගේ ජීවිතය සමඟ අත්‍යන්තයෙන් ම බැඳී පවත්නා භාෂාව සමාජීය ප්රවේශයකින් අධ්‍යයනය කිරීමේ දී, හුදෙක් භාෂාත්මක තොරතුරු පමණක් නොව තත්කාලීන දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා සාමාජික පසුබිම පිළිබඳ වැදගත් කරුණු රැසක් ද අවබෝධ ‘කර ගත හැකි වේ. භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාගයේ මෙරට ඇති වූ සිංහල භාෂානුරාගි කටයුතු හා ඉන් පසුව උද්ගත වූ රාජ්‍ය භාෂා ප්රශ්නය පිළිබඳව විමර්ශනය කිරීම යි. සිංහල භාෂාවේ නූතන සමාජ ඉතිහාසය සමාජවාග්විද්‍යාත්මක ප්රවේශයකින් අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට මේ කෘතිය ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වෙයි.
-
-
-
-
සරල සිංහල ව්‍යාකරණ
0රු325අ.පො.ස(සාමාන්‍ය පෙළ) නව විෂය නිර්දේශයේ අන්තර්ගත සියලු ව්‍යාකරණ කොටස් සහ අනෙකුත් ක්ෂේත්‍ර මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත.
-
-
-
-10%
සිංහල ජන ගායනා ශෛලී
0Original price was: රු1800.රු1620Current price is: රු1620.1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරින් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන් කිහිපදෙනකු පමණි. සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි'” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්ෂේත්රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි.