-
-
වටපිළ
0රු225මෙම ග්‍රන්ථයෙන් සශ්‍රික ගොවිතැනට අත්‍යවශය පරිසර සාධකයන්ගෙන් පොහොසත් වැව් ගම්මාන ජිවන සම්ප්‍රදායෙන් ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ තොරතුරු එකතුවකි.
-
වැව හා සංස්කෘතිය
0රු200සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.
-
-
-
ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය
0රු750ඉන්දියානු හා ශ්‍රී ලාංකේය සංස්කෘතිය අතර පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. ඒ වූ කලී වසර ගණනාවක් තුළ ක්‍රමිකව සිදු වූ සංස්කෘතික සම්පර්කය ප්‍රතිඵලයකි. මෙය ඉන්දියානු සම්බවයක් ඇති ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සංස්කෘතිය විමර්ශනය කෙරෙන කෘතියකි.
-
සංකල්ප හා බැඳුනු ජනශ්‍රැතිය
0රු700මනුෂ්‍යයාගේ ජීවිතය හා බැඳී පවතින විවිධ අවශ්‍යතා මෙන්ම ඒවා පිළිබඳ ඇති විශ්වාසයන් පිළිබඳ තුලනාත්මක දෘෂ්ඨියකින් යුතුව විමර්ශනයක යෙදෙන කතුවරයා මෙතෙක් හෙළිදරවු නොවූ වටිනා තොරතුරු රාශියක් මේ ග්‍රන්ථයෙන් එළිදැක්වීමට කටයුතු කර ඇත. මෙහි අන්තර්ගත ඇතැම් කරුණු අවිච්චින්න ජන ජීවිතය හා බැඳී පවතී. ඇතැම් කරුණු අධ්‍යයනයේ අභාවයට ගොස් ඇත. ඇතැම් ඒවා අභාවයට යමින් පවතී. සමාජ විද්‍යාත්මක වශයෙන් අමිල වටිනාකමකින් යුත් කරුණු මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.
-
-10%
සිංහල ජන ගායනා ශෛලී
0Original price was: රු1800.රු1620Current price is: රු1620.1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරින් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන් කිහිපදෙනකු පමණි. සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි'” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි.
-
-10%
සිංහල වන්නම් කලාව
0Original price was: රු950.රු855Current price is: රු855.මෙම ග්‍රන්ථය උඩරට, පහතරට, සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවු රජරට එක්විසි වන්නම, සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතියකි.
-
-7%
-
සිංහල සිරිත් සංග්‍රහය
0රු550සිංහල සිරිත ජන සම්ප්‍රදායකි. එය සම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්‍රැති උරුමයක් වේ. සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ, උකත් සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි .
-
හතරකෝරලේ ජනකතා සාහිත්‍යය
0රු600ජනශ්‍රැති මූලාශ්‍රය හා බැඳුණ පැරණි සිරිත් විරිත් ඇදහිලි හා පුරාණෝක්ති ඉතා රසවත් ව මෙහි ඉදිරිපත් කර ඇත. හතර කෝරලය තුන් කෝරලය හා සත්කෝරලයේ යන කෝරල පුරාණයේ දී සිට ඉතාමත් ළඟින් ඇසුරු කර තිබූ බිම් ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එම ඥාතිමය සබැඳියාව ද යම් යම් කතා තුළින් කතුවරයා ඉස්මතු කර දක්වා තිබෙන අයුරක් පෙනෙයි. අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙහි අපිට කියවා රස විඳීමට හැකි ය. ධර්මරත්න තෙන්නකෝන් මහතාගේ හතර කෝරලයේ ජනකතා සාහිත්‍යය ඒ ගැන උනන්දුවක් දක්වන සැමට කදිම රස සංග්‍රහයකි.