-
-20%
-
-
-
-8%
සංගමන්කන්දේ ලෙන් චිත්‍ර
0Original price was: රු325.රු300Current price is: රු300.පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ
-
සමාජීය විද්‍යා ප්‍රවේශය
0රු850විෂයානුබද්ධ දැනුම බිහිවන්නේ කෙනෙකු තුළ වූ එය සොයා යාමේ අභිප්‍රේරණය ඇති කල්හි ය. එකඳු සංකල්පය වුව බොහෝ දෙනා දකින්නේ සම වූ ලෙස නොවිය හැකි ය. එය ඇතැම් විට පුද්ගලානුබද්ධ වූවකි. තර්ක විතර්ක තිබුණා වූව ද ඒ දැක්මෙන් ගත යුත්තක් නැතැයි කිසිවකුට පැවසිය නොහැක්කේ දැනුම යනු කාටත් ස්පර්ශ වී, කාටත් පොදුවේ හඳුනා ගත හැකි පොදු දෙයක් නොවන නිසා ය. දැනුම සොයා යා යුතුය. එය විශ්ලේෂණයට බඳුන් කළ යුතුය. අලුත් දිශානතීන් අනාවරණය කර ගැනීමට එය අවුස්සාලිය යුතුය. අනාගතය වෙනුවෙන් එය ගවේෂණය කළ යුතුය. අනාගතය වෙනුවෙන් එය ගවේෂණය කළ යුත්තේ අනාගතයට ද එය එසේ ම භාර ගැනීමට ඉඩ තැබීමට නොව මේ අහ්ලාදජනක ක්ෂේත්‍රයෙන් තව තවත් අවුස්සා අවධි කිරීමට ය. “සමාජීය විද්‍යා ප්‍රවේශය” නිර්මාණය වන්නේ උක්ත මුඛ්‍යාර්ථයන් අරමුණු කර ගනිමිනි. කේෂ්ත්‍රයන්හි විවිධ දිශානතීන් සොයාගෙන කුතුහලාත්මක චින්තනයන් අවධි කිරීමට ය, ශාස්ත්‍රාලයන්ගෙන් බහුවිධ විෂයන් යටතේ වත්මන් විද්‍යාර්ථීන් ලබා ඇත්තා වූ දැනුම එක් තැන් කිරීමට ය. සෑම තත්පරයකම වෙනස් වන ලෝකය අතැඹුලක් ලෙස දැකීමට මෙවන් උත්සාහයන් අසමත් වූව ද එහි අංශුමාත්‍රයක් හෝ නොදැකීම වරදකි. එංගල්ස් පවසන්නාක් මෙන් හොඳ න්‍යායක් තිබුණාට කම් නැත, ඒ ගැන දොඩා දොඩා හමස් පෙට්ටියේ දමයි නම් එය ප්‍රායෝගික භාවිතයේ නොයෙදේ නම්. “සමාජීය විද්‍යා ප්‍රවේශය” චින්තනයන්, සිතුවිලි සහ ඥානයන් එක් තැන් කිරීමේ උත්සාහයකි.