Availability: In Stock

විජේවීරගේ නික්මයාම

SKU: BKS-P1-A1264

Original price was: රු750.Current price is: රු600.

කන්දේගම කුලරත්න

1 in stock

Description

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ තත්කාලීන පසුබිමේ බලපෑම් තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදී නොහොත් කැරලිකරුවාද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි. 71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි. පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවලට නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේ දී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීරද එලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තෙකු ලෙස සැලකීම වැරදි නැත.