වැව හා බැඳුණු සංස්කෘතියක් අපට ඇත. ඒ සංස්කෘතිය පිළිබඳව විග්‍රහ කෙරෙන ග්‍රන්ථයක් වශයෙන් ද මේ කෘතියට ලැබෙන්නේ විශේෂ තැනකි. ගැමි ජනතාවගේ ජීවනෝපාය සඳහා වැවෙන් ලැබෙන පිටිවහල අනල්ප ය. වැවෙන් තොර වූ ජීවිතයක් ඔවුන්ට නොමැත්තේය. වැව සහ ගැමි ජනතාව අතර පවත්නා සහසම්බන්ධය මේ අයුරින් ප්‍රකාශ වී තිබීම ද අතිශයින් වැදගත් ය. වැවෙහි වර්තමානය ගැනත් ඒ සමගම පවතින ඇතැම් ඛේදනීය තත්වය ගැනත් කතුවරයා මේ පොතෙන් සිය අවධානය යොමු කරයි. වැවත් ඒ හා බැඳුණු සංස්කෘතියක් රැක ගැනීම සඳහා වර්තමානයේ අපෙන් ඉටු විය යුතු කාර්ය භාරයක් ඇති බව “අපේ වැවෙන් පැන් දෝතක්” ග්‍රන්ථය කියන විට යළි යළිත් පසක් වෙයි. පරිච්ඡේද නවයකින් සමන්විත වූ මේ කෘතියෙහි සිංහල වැවෙහි ඉතිහාසය, පාලනය, අංගෝපාංග හා තාක්ෂණය, වැව හා බැඳුණු සිරිත් විරිත් හා පූජා කර්ම, වැව හා බැඳුණු ජන කතා, ජන කවි, ජන වහර, පුරාවෘත්ත ආදිය පිළිබඳව තොරතුරු රාශියක් අන්තර්ගත ව තිබේ. ඒවා ගවේෂණයෙන් හා පර්යේෂණයෙන් සොයා ගත් කරුණු බව ඒ පරිච්ඡේද අග දක්වා ඇති පරිශීලනය කළ ග්‍රන්ථ සහ පුද්ගලයන් පිළිබඳව ලැයිස්තුවෙන් අපට අවබෝධ වේ. මේ තොරතුරු අප්‍රකට ඒවා වන අතර මෙතෙක් පොත්වල විස්තරාත්මක ලෙස සඳහන් වූ ඒවා ද නොවේ.
BOOK CATEGORIES
- Deals (6)
- English (17)
- New Arrivals (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (112)
- ඉතිහාසය (146)
- කාව්‍ය (2)
- කෙටිකතා (20)
- චරිත (34)
- ජනකතා (17)
- ජ්‍යොතිෂය (33)
- ජීවිතය ජයගන්න (29)
- දේශපාලන (29)
- නවකතා (89)
- නැටුම් (7)
- නීතිය (38)
- පරිවර්තන (281)
- පරිසරය (1)
- බුද්ධාගම (62)
- මාධ්‍යය (202)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (32)
- විද්‍යා (7)
- වෙනත් (56)
- සම්මානලාභි (28)
- සමාජ විද්‍යා (19)
- සංස්කෘතිය (26)
- සිංහල (33)
- ළමා (236)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- Secret Seven (16)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (11)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහගේ පොත් (45)
- English Books (21)
- සිබිල් වෙත්තසිංහගේ පොත් 23 (23)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)