Poth.lk

0712588808

ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය

රු1200

ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පරිපූර්ණ සංවර්ධනයට මෙන්‌ ම අනාගත ජීවිතය හැඩ ගැන්වීමෙහි ලා සෞන්දර්ය අධ්‍යාපනය සුවිශේෂී දායකත්වයක්‌ ලබා දෙයි. මේ හේතුව නිසාම ලෝකයේ බොහෝ රටවල්‌ මුල්‌ ළමාවිය අධ්‍යාපනයේ සිට ම විෂය මාලා තුළ සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. මේ මඟින්‌ උත්සාහ කෙරෙනු යේ දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීම්‌ සහ කලාත් මක නිර්මාණ භුක්තිවිඳීමටත්‌ පොහොසත්‌ පරිකල්පන වර්ධනය කර ගැනීමටත්‌, ඔවුන්ගේ කලාත් මක නිර්මාණ හැඟීමි සහ මනාපයන්ට ප්‍රතිචාර දැක්වීමටත්‌ උපකාර කිරීමයි. මෙම ක්‍රියාවලියේ දී දරැවන්ට සුදුසු විවිධ කලා හා සංස්කෘතික ක්‍රියාකාරකම මොනවා දැයි ගුරුවරුන්‌ දැන සිටීම වැදගත්‌ නිසා ප්‍රාථමික දරුවන්ගේ සෞන්දර්යාත්මක අධ්‍යාපනයට දායක විය හැකි ප්‍රායෝගික සංයුක්ත යෝජනා ද ගුරුවරුන්‌ වෙනුවෙන්‌ නිරන්තර ව ඉදිරිපත්‌ කිරීම බෙහෙවින්ම සිදු වෙයි. එහෙත්‌ අවාසනාවකට අප රටෙහි තවමත්‌ ප්‍රාථමික අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන්‌ ඉගෙනුමට සම්බන්ධ කිරීම අවම මට්ටමක පවතින අතර ඒ පිළිබඳ සමාජයේ පවත්නා දැනුම්වත්‌ වීම ද අවම ය. පොලඹවාලීමක්‌ ද නැති තරමි ය. ප්‍රාථමික අධ්‍යාපනය තුළ පවතින මෙම හිඩැස මනාව හඳුනා ගත්‌ පුරෝගාමියා වශයෙන්‌ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ සමිමානිත ජ්‍යේෂ්ඨ මහාචාර්ය රෝලන්ඩි අබේපාලයන්‌ සැලකිය යුතුවේ. දශක ‘ගණනාවක සිට ම සෞන්දර්ය අධ්‍යාපනය මෙන්‌ ම එහි ක්‍රියාකාරි ස්වභාවය පිළිබඳ ගුරු පරපුර දැනුම්වත්‌ කළ එතුමන්ගේ නවතම කෘතිය ප්‍රාථමික පාසලේ හිඩැසක්‌ ව පවතින ප්‍රාථමික සෞන්දර්ය අධ්‍යාපනය ආමන්ත්‍රණය කෙරෙනු ලැබෙයි. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ශාරීරික සංවලන, නාට්‍යමය රංගනය චලන සහ චිත්‍ර ඇඳීම යන සිවි විෂයයන්ගේ ඉගැන්වීමේ මූලධර්ම හා එහි ප්‍රතිලාභ මෙන්‌ ම බහුවිධ බුද්ධි නනාය හරහා විෂය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කෙරෙනු ලැබෙන මෙම ග්‍රන්ථය දැනුමි පිපාසාවෙන්‌ පෙළෙන ප්‍රාථමික අධ්‍යාපනය ආශ්‍රිත ගුරුවරුන්‌ වෙත පිළිගන්වනු ලබන අමිල ත්‍යාගයකි.

රෝලන්ඩ් අබේපාල

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය”
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop